වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් මුල් වරට ඒ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ ජමාල් ඝාතනය සාහසික අපරාධයක් බවයි.
රියාද්හී පැවැත්වෙන ආයෝජක සමුලුව අමතමින් ඔහු කියා සිටියේ පෘථවිය මත ජීවත්වන කිසිදු මිනිසකු හෝ සවුදි රජය විසින් මෙම කුරිරු ක්‍රියාව පිළිනොගන්නා බවයි.
තමන් මෙම සිද්ධියෙන් දැඩිව ශෝකයට පත්ව සිටින බවද ඔහු මෙහිදී කියා සිටියා.
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට දැඩිව පියවර ගන්නා බවයි සවුදියේ ඔටුන්න හිමි කුමරු පවසන්නේ.
කෙසේ වෙතත් තුර්කි රජය පවසන්නේ මෙම ඝාතනයේ මහ මොළකරු සවුදියේ සල්මාන් කුමරු බවයි.
මෙම ඝාතනයට ඔහුගේ පුද්ගලික ආරක්ෂකයින් 4 දෙනකුද එක්ව ඇති අතර ඔවුන් මේ වන විට අත්අඩංගුවේ පසුවනවා.
මේ වන විට එම පිරිස බිල්ලට දී ගැලවීමට සවුදි රජ පවුල උත්සාහ දරන බවටද තුර්කිය චෝදනා කරනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.