එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, පැමිණිලි ඉදිරිපත් කිරීම ඇතුළු සේවා සඳහා 1925 ඍජු දුරකතන අංකය භාවිතා කළ හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.භාෂා තුනෙන් ම ක්‍රියාත්මක මෙම සෘජු දුරකතන සේවය  වෙත ඕනෑම දුරකතන ජාලයක් ඔස්සේ නොමිලේ ඇමැතිය හැකියි.

මෙම අංකය වෙත ලැබෙන පැමිණිලි විද්‍යුත් තැපෑල මගින් පැමිණිල්ලට අදාළ බැංකු ශාඛාව වෙත යැවෙන අතර එහි පිටපතක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද  යොමු කරනු ලබනවා.දෛනිකව එම පැමිණිලි සම්බන්ධ පසුවිපරමක් සිදු කෙරෙන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරන්නේ.

ව්‍යවාසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ස්වයං රැකියාලාභීන් ඇතුළු ව්‍යාපාරික ක්ෂේත්‍ර 16කට සහන පොලී පදනමින් ණය ලබා දීමේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය මාර්තු මස අරඹනු ලැබුවා. මෙමගින් මෙතෙක් පුද්ගලයන් හා ව්‍යවසායකයන් 29,389 දෙනකුට රුපියල් මිලියන 58,817ක මුදලක ණය ලබා දී ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.