ඉන්දියාව සමග පසුගිය වසරේ අත්සන් කළ අවබෝධතා ගිවිසුම තුල කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට ඉන්දියාව ලබාදෙන බවට සඳහන් කර නොමැති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද අවධාරණය කළා.
ඒ නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
කෙසේ වෙතත් එම ගිවිසුම තුල ඉන්දියාවට පර්යන්තයක් ලබාදෙන බවට සඳහන් කර ඇති හෙයින් වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යෑමට ලබාදීම සුදුසු බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
ශ්‍රී ලංකාව අනෙක් රටවල් හා සබදතා පවත්වා ගන්නා ආකාරයටම ඉන්දියාව සමග සබදතා පවත්වන අතර අනෙක් රටවලට සලකන ආකාරයෙන්ම ඉන්දියාවට සැලකිය යුතු බවයි මහින්ද සමරසිංහ මහතා මෙහිදී අවධාරණය කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.