කුමන්ත්‍රණ චෝදනා එල්ලවී සිටින ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පස් වැනි දිනටත් ප්‍රකාශ ලබා එම දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසුවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කෙරුණා.
සිද්ධියට අදාළව ඉදිරිපත්වූ හඩපට සාක්ෂි 124ක් අතරින් 123ක හඩපට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හා නාමල් කුමාර නැමැත්තාගේ හඩට සැසදෙන බවයි ඊට අදාළව රස පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාවේ දැක්වුණේ.මේ වන විට නාලක ද සිල්වා මහතාගේ සේවයද අත්හිටුවීමටයි ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත්තේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.