දූෂණ විරෝධි බලකායේ ප්‍රධානියා බව කියන නාමල් කුමාර නැමැත්තා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 89 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද ප්‍රකාශ කළා.
ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
ප්‍රකාශ ලබා ගත් පිරිස අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 47ක්ද වනවා.
සිද්ධියට අදාළ කුමන්ත්‍රණ චෝදනා ලැබූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දින 05 ක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන මස 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධ විමර්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.