අද ආසාදිතයන් 4,602 ක් / ඊයේ කොරෝනා මරණ 209 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත්  1,075 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,602ක් බවට පත් වුණා.

මින් පස්දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින්.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහළ ගියා.

මේ අතර තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එය දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ ගණනයි.

ඊයේ (25) දින තහවුරු කර ඇති එම මරණ 209ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

කාන්තාවන් 101 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 108 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්.

එම මරණ අතර අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස 163ක් වනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *