නව අගමැතිවරයාගේ පත්වීම සාමකාමීව සමරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අද සිට දිවා රෑ නොතකා වැටුණු ආර්ථිකය ගොඩගැනීම ඇරඹීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම සූදානම් බවයි.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නව පාලනය කඩිනම් පියවර ගන්නා බවද ඔහු කියා සිටියා.
මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්ෂය සතුවුවද එය නව අගමැතිවරයාට බාධාවක් නොවන බවයි ඔහු සදහන් කළේ.
මන්ත්‍රීවරුන් 47 දෙනකු පමණක් සිටි එක්සත් ජාතික පක්ෂයට 2015 ජනවාරි 9 වනදා අගමැති ධූරය ලබාදිය හැකිනම් ඊටත් වඩා පිරිසක් සිටියදී අගමැති ධූරය දැරීමේ බාධාවක් මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බවද උදය ගම්මන්පිල මහතා අවධාරණය කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.