• Tue. Nov 29th, 2022

චමත් පළිහපිටිය කැලිෆෝර්නියා ප්‍රාන්ත ආණ්ඩුකාර තරඟයට

ByLankaAnews

Jan 27, 2021

ශ්‍රී ලංකාවේ උපත ලැබූවකු වන ලොව සුප්‍රකට තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජකයකු වන චමත් පලිහපිටිය අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්ත ආණ්ඩුකාර ධූරයට තරග වැදීමට තීරණය කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව හෙළිකළා.
ඒ අනුව කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනතාවගේ බදු කපා හැරීම, ප්‍රාන්ත ආදායම වැඩි කිරීම , ගුරුවරුන්ට ඉහළ වැටුප් ලබාදීම හා රැකිරක්ෂා වර්ධනය කිරීම ඔහුගේ ප්‍රතිපත්ති අතර වනවා.
ඩොලර් බිලියනයක වත්කමක් සහිත ඔහු අමෙරිකාවේ තාක්ෂණික ආයතන රැසකටම සම්බන්ධ වන අතර නව ආයතන කිහිපයක්ම සාර්ථකව බිහි කිරීමටද සමත්ව සිටිනවා.
වයස අවුරුදු 5 දී තම දෙමාපියන් සමග කැනඩාවට සංක්‍රමණයවීමෙන් පසුවයි චමත් පළිහපිටිය අමෙරිකාව වෙත යොමුව තිබුණේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *