දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව පලනි දිගම්බරන් මහතා පවසනවා.

ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, වී. රාධා ක්‍රිෂ්ණන්, වේලු කුමාර්, තිලකරාජ් සහ අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරුන්ගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වනවා.

මේ අතර ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන බව සදහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා විසින් ඒ බව ඒ බව මාධ්‍ය හමුවේ අනාවරණ කළා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.