නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අති මහත් බහුතරය පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්යය ජී එල් පීරිස් මහතා පවසනවා.
ඒ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායම මේ වන විට කොලඹදී පවත්වන මාධ්‍ය හමුව අමතමිනුයි.
ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කර ඇත්තේ ව්‍යවස්ථාවට අනුකූලව වන බවත් කැබිනට් මණ්ඩලය විසුරුවා හළ පසු අගමැතිට ධූරය දැරීමේ හැකියාවක් නොමැති බවත් ඔහු අනාවරණ කළා.
මේ අතර 2019 අය වැය ඉදිරිපත් කිරීම කල් යාම ස්ථිර බවයි ජී එල් පීරිස් මහතා පවසන්නේ.
ඒ වෙනුවට රජයේ කටයුතු පවත්වාගෙන යාම සදහා රජයේ අතුරු ගිණුමෙන් මාස 3කට අදාළ මුදල් වෙන් කරගත හැකි බවද ඔහු කියා සිටියා.
එසේම නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම ඇතුලුව අමාත්‍යවරුන් 70වකට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක්ද පත් කෙරෙනු ඇති බවයි ජී එල් පීරිස් මහතා සදහන් කළේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.