දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙහිදී එක් පුද්ගලයකුගේ හිසටත්‍, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩි වැදී ඇති බවයි අනාවරණ වන්නේ.
ඔවුන් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව තිබෙනවා.
හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පිරිසක් බාධා මතුකර ඇති අතර එහිදී ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් එම අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.
මේ වන විට පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ අවට ආරක්ෂාව තර කර තිබෙනවා.
දෙමටගොඩ ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ද මේ වන විට පවතින බවයි වාර්තාවන්නේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.