රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වහාම ඉවත් කර  නිලධාරීන් 10 දෙනකු පමණක් ආරක්ෂාවට යොදවන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට නියෝග කර තිබෙනවා.

මෙය අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සලකා ක්‍රියාත්මක කර තමා දැනුවත් කරන ලෙසයි පොලිස්පතිවරයා ඉල්ලා ඇත්තේ.

මේ අතර තවමත් නීත්‍යනුකූල අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහුගේ ආරක්ෂාව මෙලෙස ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් යම් අනතුරක් සිදුවුවහොත් ජනාධිපතිවරයා ඇතුළු පිරිස වගකීම භාරගත යුතු බවත් නීතිය හා සාමය හිටපු නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අරලිය ගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

පාර්ලිමේන්තුව කැඳවන තුරු හෝ වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටින බව  ද නලීන් බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.