තලේබාන් පාලනයේ ආචාර පෙළපාලියේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි

ඇෆ්ගනිස්ථානයේ බහුතර ප්‍රදේශයක බලයක් හිමිකරගෙන සිටින තලේබාන් සංවිධානය මේ වන විට නව රජයක් බිහි කිරීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.
ඒ ඇෆ්ගන් හමුදාවේ උතුරු සන්ධානයෙන් එල්ලවන දැඩි විරෝධය මැදයි.
මේ අතරතුර තලේබාන් නව රජයේ යුධ බලය පෙන්නුම් කිරීම සඳහා කාබුල් නුවරදී තලේබාන් සාමාජිකයන් විසින් ආචාර පෙළපාලියක් ද පැවැත්වූ බවයි ඇෆ්ගන් රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.
මෙහිදී සිය යුධ බලය පෙන්නුම් කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන්, කාර් බෝම්බ හා පිපිරවීම් සඳහා උපයෝගී කරගන්නා අවි ප්‍රදර්ශනය කිරීමට තලේබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා.
මෙය තලේබාන් සංවිධානය ත්‍රස්ත මානසිකත්වයෙන් නොමිදෙන බව හා රාජ්‍ය පාලනයකට උචිත නොවන බව තහවුරු කරන්නක් බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පැවසුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *