තුනෙන් දෙකක බලයක් සහිත ශක්තිමත් රජයක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්කර ගැනීමට නියමිත බවයි.ඒ සදහා අවශ්‍ය පියවර මේ වන විටත් සාර්ථකව ඇති බවයි ඔහු සදහන් කළේ.
මතුව ඇති තත්ත්වය තුල නීතිය කඩකරමින් කටයුතු කළ පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියා.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම්වලට විරෝධය පළ කිරීමට හෙට (30) දහවල් 12 ට ලිප්ටන් වට රවුමට පැමිණෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

 

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.