එක්සත් ජාතික පක්ෂය අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වාරණ නියෝගයක් පනවා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසකට නිකුත් කළ එම වාරණ නියෝගයට අනුව රජයේ පරිශ්‍රවලට ඇතුළු වීම තහනම් බවයි දැක්වෙන්නේ.

මහ ජනතාවට පීඩා වන අයුරින් , උද්ඝෝෂණ පැවැත්වීම හා මහජන සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම ද මේ යටතේ තහනම් කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමක් අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම වාරණ නියෝගය නිකුත් කළ බව සදහන්.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.