හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තනතුර අහිමිවී තිබියදීත් අරලියගහ මන්දිරය භාවිත කිරීමට එරෙහිව කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු නොවන බව අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අද ප්‍රකාශ කළා.

කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය ලේකම්කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියා සිටියේ.

අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අරලියගහ මන්දිරය තිබෙන්නේ තමන් බාරයේ බැවින් නව අගමැතිවරයාට එය බාරදීම තමන්ගේ වගකීමක් බවයි ලේකම්වරයා කියා සිටියේ.
ඒ අනුව ඊට අදාළ පියවර මේ වන විටත් අනුගමනය කරමින් පවතින අතර එසේ නොවන්නේ නම් පොදු දේපල පනත යටතේ පියවර ගත හැකි බවද අග්‍රාමාත්‍ය ලේකම්වරයා කියා සිටියා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.