පාර්ලිමේන්තුව තුළ අග‍්‍රාමාත්‍ය තනතුරට හිමිවිය යුතු සියලූම අයිතිවාසිකම් හා වරප‍්‍රසාද නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදෙන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කතානායක කරූ ජයසූරිය මහතාට ලිපියක් යොමුකර තිබෙනවා. එහි දැක්වෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කළ බවයි.
එබැවින් පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය තනතුරට හිමි සියලූම අයිතිවාසිකම් හා වරප‍්‍රසාද නව අගමැතිවරයා වෙත ලබාදෙන මෙන් මහලේකම්වරයා කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.