කැබිනට් අමාත්‍යංශ 12ක් සඳහා නව ලේකම්වරු අද පස්වරුවේ පත් කරනු ලැබුවා.

ඒ අනුව නව ලේකම්වරු 12 දෙනා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත් අතර මේ ඔවුන්ගේ ලේඛනයයි.

1. හේමසිරි ප්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යංශය

2. ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය

3. ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ කටයුතු අමාත්‍යංශය

4. එල්.පී. ජයම්පති මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය

5. කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම අමාත්‍යංශය

6. ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය

7. පද්මසිරි ජයමාන්න මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය

8. එච්.ටී. කමල් පද්මසිරි මහතා – පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යංශය

9. වී. සිවඥානසෝති මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය

10. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය

11. එස්.එම්. මොහොමඩ් මහත්මිය – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය

12. එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක හා වනජීවී අමාත්‍යංශය

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.