හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් මෙරට නීත්‍යානූකූල අගමැති වශයෙන් පිළිගන්නා බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශවී තිබෙනවා.
එරට විදේශ අමාත්‍යවරයාද ලෙස කටයුතු කළ කන්සර්වේටිව් පක්ෂයේ හියුගෝ ස්වේයර් මහතා ප්‍රකාශ කර ඇත්තේ වික්‍රමසිංහ මහතා නෙරපීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බැවින් ජාත්‍යන්තරය විසින් තවමත් මෙරට නීත්‍යානුකූල අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවයි.

මේ පිළිබද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අවධාරණය කරන බවද හියුගෝ ස්වේයර් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ව්‍යවස්ථාවට ගරු කරමින් වහා පාර්ලිමේන්තුව කැදවීම නිසි පියවර බවයි මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් වරයා කියා සිටියේ,රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බවයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.