පන්දුව හිසේ ගැටී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රෝහලේ

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම අතර පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිශ්ශංක පන්දුව හිසේ ගැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ෂෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී ජොස් ඉට්ලර් එල්ල කළ වේගවත් පහරකින් පසු පන්දුව පැතුම් නිශ්ශංකගේ හිසේ ගැටී තිබූ අතර ඔහු පැළද සිටි ආරක්ෂිත හිස් වැස්ම එම අවස්ථාවේ ගැලවී ගොස් තිබුණා.
එංගලන්ත කණ්ඩායමේ වෛද්‍යවරයා ඇතුලු පිරිසක් වහාම මූලික ප්‍රතිකාර ලබාදුන් පසු ඔහු ගෙලේ වේදනාවක් පවතින බවයි දන්වා තිබුණේ.
ඒ අනුව වහාම ගිලන් රථයක් මගින් ඔහු රෝහල්ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය අවදානම් නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පිලේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන සදහන් කළේ.
රෝහල්ගත කළ පැතුම් නිශ්ශංක ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.