T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉන්දීය කණ්ඩායම නම් කරයි

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාත් කෝලිට හිමිව ඇති අතර උප නායකත්වය රෝහිත් ශර්මාට හිමිව තිබෙනවා.

ශිකර් දවාන් ඉන්දීය සංචිතයෙන් ඇතුළත්ව නැහැ.

නවක ක්‍රීඩකයින් වන සූර්යකුමාර් යාදෙව්, වරුන් චක්‍රවර්තී, අක්සර් පටෙල්, රාහුල් චාහර්, සහ ඉෂන් කිෂන් ද ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායිහිදී ඔක්තෝම්බර් 17 වනදා සිට ආරම්භ වනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *