ව්‍යවස්ථා විරෝධී හා සදාචාර විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීම රට අර්බුධ රැසකට ඇද දමන තත්ත්වයක් බව කුරුණෑගල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍යවේදීන් පිරිසක් සමග අදහස් දක්වමින්.
මැතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම තවමත් රනිල් වික්‍රමසිංහ මහතාට හා එක්සත් ජාතික පෙරමුණට හිමිව ඇති බවත් එය යළි වෙනස් කළ යුතු වන්නේ ජනතාව විසින් මිස බලහත්කාරයෙන් හෝ කුමන්ත්‍රණයකින් නොවන බවත් ජේ සී අලවතුවල මහතා කියා සිටියා.
යහපාලන රජයට දූෂිතයින්ට එරෙහිව ක්‍රියාත්මකවීමට බාධා කළේ කවරෙක්ද යන්න ජනතාව හොදින් දැන සිටින අතරම මේ වන විට එම චරිත ප්‍රසිද්ධියේ එම කටයුතු සිදුකරන බවටද ඔහු චෝදනා එල්ල කළා.
මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව මෙන්ම ජාත්‍යන්තරයද ජනාධිපතිවරයාගේ හැසිරීම පිළිබද මෙන්ම රටේ තත්ත්වය කෙරෙහි සංවේදීව සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් එක්සත් ජාතික පක්ෂය සතු බැවින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන්ම යලි එම බලය තහවුරු කරන බවද ජේ සී අලවතුවල මහතා අවධාරණය කළා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.