අවශ්‍යතාවක් ඇති වුවහොත් විපක්ෂ නායක ධුරය අත්හැරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මේ වනවිට හොබවනු ලබන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතායි.
පාර්ලිමේන්තුවේ එම සන්ධානයට හිමි සභික ධුර ගණන 16 ක් වන අතර එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයට යාමට සිදුවුවහොත් විපක්ෂනායක ධූරය අපේක්ෂා නොකරන බවයි දෙමල සන්ධානය පවසන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.