තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන නඩු වාරයට පෙර අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ මෙම පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට සැඟවී සිටීමට උපකාර කිරීමේ චෝදනාව මතයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සඳහා සාක්ෂි තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගැනීමට හේතු කවරක්දැයි විනිසුරුවරයා මෙහිදී විමසීමක් කර තිබෙනවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත්තේ ඒ සම්බන්ධව ඔවුන්ට යම් යමි බලපෑම් පවතින බවයි.
එම කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ලබන 9 වැනිදාට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නියෝග කරනු ලැබුවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.