මිහින් ලංකා ගුවන් සමාගමේ ගුවන් බලපත්‍රය කටාර් රාජ්‍යයේ ගුවන් සමාගමකට පැවැරීමට රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ අනාවරණ කළා.
ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
මිහින් ලංකා ගුවන් සමාගමේ ගුවන් බලපත්‍රය දැනට විවෘතව පවතින බවත් තමාද සහභාගි වූ ජනාධිපතිවරයාගේ කටාර් සංචාරයේදී මේ පිළිබඳව එරට ගුවන් සමාගමක් සමග සාකච්ජා පැවැත්වූ බවත් අමාත්‍යවරයා අනාවරණ කරනු ලැබුවා.
මේ අතර මිහින් ලංකා ගුවන් සමාගම පාඩු ලැබිමට බලපෑ හේතු සෙවීම පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කිරීම පිළිබඳවද කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළ බවයි රාජිත සේනාරත්න මහතා කියා සිටියේ.
මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලය හැටියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හ සජින් ද වාස් ගුණවර්ධන මහතා කටයුතු කර ඇති බවද මොවුන් තිදෙනාව ගුවන් යානයක නට් තද කිරීමටවත් දැනුමක් නැති පුද්ගලයන් නිසා මිහින්ලංකා සමාගම පාඩු ලැබිම පුදුමයක් නොවන බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.