පාස්කු ප්‍රහාරයට අවුරුදු 2කට කලින් ඔත්තුව දුන්නා – Video

පාස්කු ප්‍රහාරයට වසර දෙකකට පෙර කාදිනල් හිමියන් මුණ ගැසී ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය හැකි බවට තමන් දැනුම් දුන් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේ පවසනවා. එහෙත් එම අවස්ථාවේ කාදිනල් හිමියන් ඒ පිළිබද අවධානය යොමු නොකළ බවයි ඤාණසාර හිමියන් පවසන්නේ.

මේ අතර ඤාණසාර හිමියන් ස්වාධීන රූපවාහිනි තීරණය වැඩසටහන එක් වෙමින් තවදුරටත් සදහන් කළේ අන්තවාදි ත්‍රස්තවාදය මර්දනයට වත්මන් රජය නියත වශයෙන්ම කටයුතු කරන බවට තමන් දැඩිව විශ්වාස කරන බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *