උතුරු කොරියාව කෘෘස් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව දිගදුර කෘෘස් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

පසුගිය සති අන්තයේදී මෙම අත්හදා බැලීම සිදුකළ බවයි උතුරු කොරියා මාධ්‍ය සදහන් කරන්නේ. එම දිගදුර කෘෘස් මිසයිලය ජපානය දක්වා ගමන් කළ හැකි බවට උතුරු කොරියාව නිවේදනය කරනවා. කිලෝමීටර් එක්දහස් පන්සියයක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව එය උතුරු කොරියාවට අයත් මුහුදු සීමාවට පතිත වූ බව සදහන්. අත්හදා බැලීමට අදාළ ඡායාරූප කිහිපයක්ද උතුරු කොරියාව විදෙස් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. කෙසේ වුවද මෙම අත්හදා බැලීමත් සමග ඇමෙරිකාව සමග පවත්නා න්‍යෂ්ටිකහරණය පිළිබද එකගතාවන්වලට බලපෑමක් ඇතිවිය හැකි බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *