කොරෝනා සුව වූ පුද්ගලයන්ට මානසික ආතතිය / සෞඛ්‍ය අංශවලින් උපදෙස්

කොවිඩ් ආසාදනය වී සුව වූ පසුවද ඇතැම් පුද්ගලයින්ට විවිධ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම කරන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය සංජීවන අමරසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් රජයේ රෝහල්වල පවතින සායනවලට ගොස් ප්‍රතිකාර ගැනීමේ හැකියාව පවතින බවය.

“කොවිඩ් රෝගයට පසුව රෝගය හොඳවෙලා ගෙදර ගියාට පස්සේ හුස්ම ගන්නට අමාරු වගේ වෙනවානම්, කතාකරන කොට ඇවිදිනකොට හුස්ම ගන්නට අමාරුයි වගේ වෙනවානම් ගොඩක් අය බය වෙනවා. මට මේ රෝගය වැඩි වෙනවාද, මට දැන් ආයෙත් රෝහල්ගත වෙන්න වෙයිද ? ඉතින් ඒ නිසා මානසික ආතතියක් ඇතිවෙනවා. ඒ මානසික ආතතිය නිසා නැවතත් හුස්ම ගන්න වේගය වැඩිවෙන්නට පුළුවන් තවදුරටත් පපුව ගැහෙන එක වැඩිවෙන්නට පුළුවන්. මේක විෂම චක්‍රයක් වගේ වෙන්න පුළුවන්. ඒක නිසා මානසික ආතතිය නිසා මේ ප්‍රශ්නය වැඩි වෙන්න පුළුවන්. තදබල වෛරස් රෝගයට පස්සේ කාලයක් යනතුරු යම් මට්ටමකට රෝග ලක්ෂණ තිබෙන බව දැනගන්න. බොහෝ වෙලාවට මාස 6ක් අවුරුද්දක් යනතුරු ඇතැම් අයගේ තියෙනවා මේ රෝග ලක්ෂණ.  මේ රෝග ලක්ෂණ පිළිබඳව බයවෙන්න හොඳ නැහැ. ඒ රෝග ලක්ෂණ වැඩිනම් ඒ සම්බන්ධව සායනයකට යොමුවෙන්නට ඕනේ. අපි දකිනවා මේ තත්ත්වය නිසා ගොඩක් අය මානසිකව බලපෑමකට ලක්වෙන්නට පුළුවන්. දරුවන්ගේ මානසික තත්ත්වය ගැනත් අපි අවධානයෙන් ඉන්නට ඕනේ මොකද වැඩිහිටියෝ පවා ඇතැම්විට මානසිකව මට කලකරීමක් කියන්නේ නැහැ. ඒ අය ඇඟට ඇතිවන අපහසු ගතිය තමයි වැඩියෙන් කියන්නේ. ඉතින් මේ වගේ ලක්ෂණ පෙන්නවානම් ගොඩක් අවධායෙන් සිටින්නට ඕනේ. කොවිඩ් නිසා මානසික මට්ටමේ වෙනස්කම් තියෙනවා. එහෙම දේවල් යම් මට්ටමකට තිබෙනවා නම් 1926 අංකයට කතාකරලා උපදෙසක් ලබාගන්න.“

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *