කොරෝනා ආසාදිතයන් අඩු වුවත් අවදානම තවමත් ඉහළයි

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සහ වාර්තා වීම යම් මට්ටමකින් අඩු වුවද අවදානම් තත්ත්වය කිසිසේත් පහව ගොස් නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

තවදුරටත් සෞඛ්‍ය අංශ උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කිරීම ජනතාවගේ වගකීම බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද සියයට 40ක අඩුවීමක් පෙන්නුම් කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *