හිටපු බන්ධනාගාර ඇමතිගේ තීරණය පක්ෂ මහලේකම් අගය කරයි

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු සුබසාධන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස් වූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මෙරටට පැමිණි පසු තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ ද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

තමන් කළ වැරැද්ද පිළිගෙන ඒ මහතා රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වීම පක්ෂයක් වශයෙන් අගය කරන බවත් මේ දිනවල විදෙස්ගතව සිටින අගමැතිවරයා පැමිණි පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇති බවත් මහලේකම්වරයා කීවේය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *