ගීතා එළියට විසිවෙයි / පියසේන ගමගේ ඇතුලට

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය ගනු ලැබූ තීන්දුව අද  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබුවා.
ද්විත්ව පුරවැසියෙකු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කළේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මස 03 වනදින ප්‍රකාශයට පත් කළා.
මේ අනුව ඇයට පසු මනාප ලයිස්තුවේ රැදී සිටි පියසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දීමට නියමිතයි.
3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish