කොරෝනා එන්නත් ගෙන්වීමට,අලෙවියට පුද්ගලික අංශයට අවසර නෑ

Sri Lanka

මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීම හෝ අලෙවි කිරීමට පුද්ගලික අංශයට අවසර ලබා නොදෙන බව ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා.
ඇතැම් පුද්ගලික රෝහල් ගබඩා පහසුකම් පවතින බව පවසමින් එන්නත් ගෙන්වීමට හෝ රජයෙන් මිලදී ගෙන අලවි කිරීමට ද ඉල්ලුම් කර තිබුණා.
තවත් සමාගම් එම එන්නත් ගෙන්වීමට අවසර අපේක්ෂා කර තිබුණේ තම කාර්ය මණ්ඩල සඳහායි.
කෙසේ වෙතත් එවන් අවසරයක් කිසිසේත්ම ලබා නොදෙන බවයි ලලිත් වීරතුංග මහතා පැවසුවේ.
කොරෝනා එන්නත් ගෙන්වීම හා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම රජයේ පාලනය මත සිදුකිරීමට නියමිතයි.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *