

මෙරට කොරෝනා එන්නත්කරණය අරඹමින් හෙට රෝහල් 6ක කාර්ය මණ්ඩලයට කොරෝනා එන්නත් ලබාදීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ කොළඹ ජාතික රෝහල, කළුබොවිල කොළඹ දකුණු ශික්ෂණ රෝහල, කොළඹ උතුරු ශික්ෂණ රෝහලේ තෝරාගත් කාර්ය මණ්ඩලය,රාගම, හෝමගම මූලික රෝහල, මුල්ලේරියාව කොළඹ නැගෙනහිර මූලික රෝහල සහ අංගොඩ බෝවන රෝග සම්බන්ධ රෝහල මීට අයත් වන බවයි.
මෙම රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් සියයට 25 ක් පමණ ආරම්භයේදීම එන්නත ලබා දීමට නියමිතයි.
ඉදිරි දින කිහිපය තුළ ඉතිරි සේවකයින්ට එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476