සංචාරක කර්මාන්තය අවධානමක ?

මතුව ඇති අර්බුධකාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් මේ වන විට මෙරට සංචාරක කර්මාන්තය ගැටලුවකට ලක්වෙමින් පවතින බව ස්ටේ්‍රට් ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබෙනවා.
එම වාර්තා පවසන්නේ යුරෝපයේ නිවාඩු සමය ආරම්භවීමට නියමිතව තිබියදී මෙම අර්බුධය හට ගැනීම ලංකාවට පැමිණීමට නියමිතව තිබූ යුරෝපා සංචාරකයින් අධෛර්්‍යයමත් කර ඇති බවයි.
එම පුවත්පතට අදහස් දක්වමින් කොලඹ ප්‍රධාන සුපිරි හෝටලයක විධායක නිලදාරියකු ප්‍රකාශ කර ඇත්තේ මේ වන විටත් ලංකාවට පැමිණීමට නියමිතව තිබූ සංචාරකයින් රැසක්ම සිය හෝටල් කාමර වෙන් කර ගැනීම් අවලංගු කර ඇති බවයි.
ඊට වැඩි වශයෙන්ම අයත්වන්නේ අමෙරිකානු සංචාරකයින් බවද ඔහු හෙලිකර තිබෙනවා.
මෙම තත්ත්වය අඛන්ඩව පැවතුනහොත් එය සංචාරක කර්මාන්තයට දැඩි ගැටලුවක් ඇති කරනු ඇති බවටයි මෙමගින් අනතුරු අගවා ඇත්තේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.