

චීනය සිය ගිනිකොනදිග ආසියානු අසල්වැසි රටවල් වන වියට්නාමය සහ මියන්මාරය සමඟ පවතින දේශසීමාවල දේශසීමා ප්‍රාකාර ඉදිකරමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
මෙය අර්බුධකාරී තත්ත්වයක් මතු කළ හැකි පියවරක් ලෙසයි එම වාර්තා පවසන්නේ.
කැන්බරා හි මහාචාර්ය කාල් තයර් පැවසුවේ මෙය චීනයේ දේශසීමා සුරක්ෂිත කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ලෙස පෙනී යන බවයි.
මෙම ව්‍යාපෘතියට අනුව මීටර් 4.5 ක් උස දේශසීමා පවුරක් ඉදිවන අතර එය සම්පූර්ණයෙන්ම යකඩ භාවිත කරමින් ඉදිකරනු ලබනවා.
එසේම කටු කම්බි ද මේ සඳහා යොදවා ඇති බව සදහන්.
චීනයේ යුනාන් පළාත සහ මියන්මාරයේ උතුරු ෂාන් ප්‍රාන්තය අතර කිලෝමීටර් 2,000 ක මායිම දිගේ කිලෝමීටර් 659 ක් දිග වැටක් මේ වන විට ඉදිකර තිබෙනවා.
කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සහ දේශසීමාවේ ජාවාරම වැළැක්වීම චීනයේ අවශ්‍යතාවය බවයි ග්ලෝබල් ටයිම්ස් වාර්තාකර ඇත්තේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471