පාර්ලිමේන්තුව කල් තැබීම ගැන පෙත්සම කල් යයි

පාර්ලිමේන්තු සැසිවාරය  කල් තබමින් ජනාධිපති  කළ විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම ලබන 27 වනදා තෙක් අද කල් තැබුණා.

පෙත්සම අද ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන , ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

පාර්ලිමේන්තු සැසිය කල් ජනාධිපතිවරයා දුන් විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි නීතිපතිවරයා පසුගියදා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

1530

ආසාදිතයන්

745

සුවය ලැබූ

775

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.