අය වැයෙන් රථවාහන මිල සැලකිය යුතු අයුරින් පහලට / විස්තර මෙන්න

ඉදිරි අය වැය මගින් රථවාහන මිල ගණනක් සැලකිය යුතු මට්ටමකින් පහත යාමේ හැකියාවක් පවතින බව අනාවරණවී තිබේ.

ඒ අනුව අය වැය මගින් ටොයෝටා මාදිලියේ එංජින් ධාරිතාව 1500CC ට වඩා අඩු AQUA, AXIO වැනි කාර් මිල රුපියල් 300,000 ඉක්මවූ මිලකින් අඩුවන බව සඳහන් වේ. එසේම හොන්ඩා මාදිලියේ FIT, FREED, GRACE, INSIGHT වැනි කාර් මිලෙහි අඩු වීමද රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවනු ඇති බවට මෙහි සඳහන් වේ.

මෙම සටහනට අනුව විශාල වශයෙන් මිල අඩුවන කාර් වර්ගය ලෙස නම් කර ඇත්තේ නිසාන් ලීෆ්, ඉලෙක්ට්‍රික් මෝටර් රථ මාදිලියයි. එහි මිල අඩුවීම රුපියල් මිලියනයකට වඩා වැඩි වනු ඇති බවට අනුමාන කෙරේ. කෙසේ වෙතත් මෙම සටහන වාර්තා කරනුයේ නිසාන් X-TRAIL මිලෙහි වැඩිවීමක් සිදුවන බවත් එය රුපියල් මිලියන 2 කට ආසන්න වනු ඇති බවත් මෙහි සඳහන් වේ.

2018 අයවැයෙන් මෝටර්රථ සඳහා සිදුවිය හැකි යැයි සැලකෙන බදු සංශෝධනයන් පිළිබඳ අදාළ සටහන පහත දැක්වේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish