රට පුරා ඉන්ධන හිඟයක් – ඉන්ධන ඛෙදීම හෙට සිට සාමාන්‍ය තත්ත්වයට

මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවනවා.
ඒ අනුව කොලඹ හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම පේරාදෙණිය හා කුරුණෑගල ආදී ප්‍රදේශවලද මෙම ගැටලුව පවතින බවයි ප්‍රකාශවන්නේ.
ඉන්දීය තෙල් සමාගම බාල තෙල් තොගයක් මෙරටට ගෙන්වීම හා තෙල් සංස්ථාව ඒවා ප්‍රතික්ෂේප කිරීම මතයි මෙම ගැටලුව හටගෙන ඇත්තේ.
මේ අතර පෝය දිනයක්වීම හේතුවෙන් අද දිනයේදීත් තෙල් සංස්ථාවේ ඉන්ධන ඛෙදා හැරීමක් සිදුවූයේ නැහැ.
සංස්තාවේ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බැවින් හෙට වන විට ඉන්ධන ඛෙදා හැරීම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි එහි ප්‍රකාශකයකු සදහන් කළේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish