අද පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ බහුතරය පෙන්වීමට සමත්වුවහොත් බොහෝ විට අග්‍රාමාත්‍ය ධූරය හිමිවීමට නියමිතව ඇත්තේ දැනට කතානායක ධූරය දරන කරු ජයසූරිය මහතාට බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
මේ වන විට ඊට අදාළව සිදුකරමින් පවතින සාකච්ජා තුල කරු ජයසූරිය මහතාගේ හා සජිත් ප්‍රේමදාස මහතාගේ නාමයන් වැඩි සැලකිල්ලට ලක්ව ඇති බවත් ඉන් වැඩි අවස්ථාවක් කරු ජයසූරිය මහතාට හිමිව ඇති බවත් එම වාර්තාවල සදහන්.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අද විශ්වාසභංගය තහවුරු වුවහොත් අග්‍රාමාත්‍ය ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමේ ඉඩක් පිළිබදවද සාකච්ජා සිදුවන බවයි දේශපාලන ආරංචි මාර්ග හෙලිකරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.