විශ්වාසභංගය සම්මතයි / පාර්ලිමේන්තුව 19 තෙක් කල් තැබේ

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මීට සුලු මොහොතකට පෙර සම්මත කරගත් බව ප්‍රකාශ වනවා.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට සුලු මොහොතකට පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ නව ආණ්ඩුව 2 වන වරටත් විශ්වාසභංගයකින් පරාජයවූ බවයි.
අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට සැසිවාරය ආරම්භ කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් බාධා කළ අතර එහිදී කතානායකවරයා පොලිස් ආරක්ෂාව මැදයි සභාවේ කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුවේ.
එහිදී හඩ අනුව ජන්දයක් විමසා සිටි අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත් ඔසවා ඊට එකගතාවය පල කළා.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව සම්මතවූ බව සදහන් කළ කතානායකවරයා ලබන 19 වනදා තෙක් පාර්ලිමේන්තුව කල් තබන බවයි නිවේදනය කළේ.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.