කොරෝනාවට සැඟවී රටේ සම්පත් විකුණනවා / මන්ත්‍රී අලවතුවලගෙන් ආණ්ඩුවට චෝදනා (Audio)

රටේ ආර්ථිකය හැසිරවීමේ බලය චීනයට ලබා දෙන අතරතුර ඉන්දියාවට හා අමෙරිකාවට ජාතික සම්පත් විකුණා දැමීමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බව කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අහෝසි වීමට නියමිත ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි සංකීරණය පිළිබද ගිවිසුම යළි වසර 50ක් වෙනුවෙන් දීර්ඝ කිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙම සම්පත් රටට අහිමි කිරීමේ අලාභය ජනතාවට පමණක් විද දරා ගැනීම සිදුවනු ඇති බව ද ජේ සී අලවතුවල මහතා අවධාරණය කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *