ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා අත්අඩංගුවට

බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුම්බායි අගනුවරදී ඊයේ රාත්‍රියේදී පැවති සාදයකට සහභාගිවී සිටි ඔහු ඇතුළු 8 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්න කිරීම් සඳහායි.

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග රැසක් ද එහි තිබී සොයා ගැණුනා. ඔවුන්ගේ ප්‍රකාශ මත ඉදිරි කටයුතු සිදුකරන බවයි එම කාර්යාංශය නිවේදනය කරන්නේ.

මේ අතර ඉන්දීය සමාජ මාධ්‍ය මගින් පෙන්වා දී ඇත්තේ කරන් ජොහාර්ගේ මීළග සිනමා පටයේ ප්‍රධාන චරිතයක් රගපෑමට ආර්යන් ඛාන් සූදානමින් පසුවන බැවින් මෙය යම් වක්‍ර ප්‍රචාරයක් ලබාගැනීමේ සැලසුමක් ද විය හැකි බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *