පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව නවතී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලබාදුන් ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබෙනවා.
පසුගියදා මෙම ස්ථාන මාරුව හදිසි කටයුත්තක් ලෙස සලකා සිදුකර තිබු අතර ඔහු මාරු කර යවා තිබුණේ මීගමුව කොට්ඨාශයටයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය , කීත් නොයාර් මහතාට පහර දීම , උපාලි තෙන්නකෝන් හා නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට පහරදීම මෙන්ම තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිවලට අදාළ පරීක්ෂණයන්ද නිශාන්ත සිල්වා මහතා විසින් මෙහෙයවනු ලබනවා.
පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරනු ලබන්නේ ඉහළම බලවතකු හරහා සෘජුවම පැමිණි නියෝගයක් අනුව මෙම ස්ථාන මාරුව සිදුකර තිබු බවයි.

1530

ආසාදිතයන්

745

සුවය ලැබූ

775

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.