

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ,ඩුබායි හී දැවැන්ත හින්දු කොවිලක් ගොඩනැගීමට පියවර ගනිමින් පවතින බව කාලීජ් ටයිම්ස් පුවත්පත පවසනවා.
විශාල මට්ටමෙන් ඉදිවන මෙම කෝවිල ලබන වසරේ ඔක්තෝම්බර් මාසයට පෙර විවෘත කිරීමටයි නියමිත වන්නේ.
දැනට ඩුබායි හී පවතින හින්දු කෝවිලක් ආශ්‍රිතවම නව කෝවිල නිර්මාණයවීම විශේෂත්වයක්.
අරාබිකරයේ අනෙක් රටවලට සාපේක්ෂාව ඩුබායි හී පවතින ආගමික නිදහස මෙයින් පෙන්නුම් කරන බවයි කාලීජ් ටයිම්ස් පවසන්නේ.
එරටට පැමිණෙන හින්දු බැතිමතුන්ගේ වන්දනාව වෙනුවෙන් මෙම කෝවිල වෙන්වනු ඇති.
එසේම ඩුබායි හී හින්දු සංස්කෘතික වැඩසටහන් වෙනුවෙන් ද නව ඉදිකිරීම භාවිත කිරීමට නියමිතයි.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445