කතානායක බලතල අනුව තේරීම් කාරක සභාව පත් කරයි

පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා පත් කළ යුතු තේරීම් කාරක සභාවට සිය බලතල අනුව සාමාජිකයින් පත් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා මීට සුලු මොහොතකට පෙර පියවර ගත්තා.
ඒ පක්ෂ නායක රැස්වීමේදී එකගතාවයක් ඇති කර ගත නොහැකිවීම හේතුවෙනුයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ආසන ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පෙරමුණට සාමාජිකයින් 5ක් / එක්සත් ජනතා නිදහස් සන්ධානයට සාමාජිකයින් 5ක් ජනතා විමුක්ති පෙරමුණට එක් සාමාජිකයෙක් හා දෙමල සන්ධානයට එක් මන්ත්‍රීවරයකු ලෙස වන පරිදියි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිවයි නිදහස් සන්ධානයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වනු ලැබුවේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.