මාණ්ඩලික ප්‍රධානියාගේ සගයෙක් මාධ්‍යවේදීන්ට පහර දෙයි

2009 වසරේ තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින  රියර් අද්මිරාල්  රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔහුට සහාය දක්වන පුද්ගලයකු විසින් මාධ්‍යවේදීන් කිහිපදෙනකුට පහර දී තිබෙනවා.
ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ දර්ශන ලබා ගැනීමට විරෝධය පල කරමිනුයි.

සිද්ධියට අදාළව ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් විසින් එහි පොලිස් මුරපලටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නාවික හමුදා සාමාජිකයකු බවටයි සැක කරනු ලබන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.