අගමැතිගේ මුදල් කැපීම ගැන තීරණයට අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වනවා.
අද දිනයේදී අගමැතිවරයාට වෙන් කෙරෙන මුදල් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ජන්ද විමසීමකින් සම්මත කර ගැනීමට සූදානමක් පවතින බවයි වාර්තාවන්නේ.
ඒ බව අද දිනයට අදාළ න්‍යයා පත්‍රයටද ඇතුලත් කර තිබෙනවා.

අද දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළමු හා එකම යෝජනාව ලෙස සටහන් වන්නේද මේ යෝජනාවයි.

එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි හා චතුර සේනාරත්න යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදෙනු ලැබූ අතර අමාත්‍ය මණ්ඩලයට අදාළවද මෙවන්ම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.