

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කොටසක් ඉන්දියාවට ලබාදීමට එරෙහිව අද (29) සිට අඛණ්ඩ වෘත්තීය අරගල ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වරාය අධිකාරියේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව පිහිටුවාගෙන තිබෙන පෙරමුණ පවසනවා.
කොළඹ වරාය නැගෙනහිර ජැටිය විදේශීයකරණයට එරෙහිව ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැවසුවේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් මුණගැසුණු බවයි.
මෙම කරුණු පැහැදිලි කිරීමෙන් පසු අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩිකිරීමට සැලසුම්කර තිබෙනවා.
එම පෙරමුණ පවසන්නේ ලබන පළමුවනදා වන විට මෙම ජැටිය සම්බන්ධ ගැසට් පත්‍රයක් නිකුත් විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464