කලු සල්ලි සැගවීමේ තවත් වාර්තාවක් හෙළිවේ/ මහ රුජිනත් ලයිස්තුවේ

ලෝකයේ මසහා පරිමාණ ධනවතුන් තමන්ගේ විශාල ධනස්කන්ධයක් බදු නොගෙවිය යුතු ස්ථානවල ආයෝජනය කර ඇති බව අනාවරණ කරන මහා පරිමාණ තවත් හෙළිදරව්වක් සිදුව තිඛෙනවා.
පැරඩයිස් පේපර්ස් යනුවෙන් නම්කර ඇති මෙම ලිපිගොනු හෙළිදරව්ව තුළ මිලියන 13.4ක පමණ ලිපිගොනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.රටවල් 180 ක පුද්ගලයින් මෙම ලයිස්තුවේ සිටින බව අනාවරණ වන අතර එහි ඇතුලත් පිරිසට ලාංකිකයන් ඇතුලත්ව සිටින්නේදැයි මෙතෙක් අනාවරණ කර නැහැ.
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනට අයත් පෞද්ගලික වතුයායන්වල තොරතුරුද මෙහි ඇතුලත් බව දැක්වෙනවා.
බර්මියුඩාව මුල් කරගත් සමාගමක් හරහා මෙම ආයෝජන සිදුව ඇති බව සදහන්.
මෙම අනාවරණයට ලෝකයේ ප්‍රබලතම දේශපාලඥයන්/ සුපිරි ධනවතුන්/ විවිධ ක්ෂේත්‍රවල තරු බවට පත්වූ පුද්ගලයන් මෙන්ම/ ඉතා ඉහළ ධනස්කන්ධයකට හිමිකම් කියන තනි පුද්ගලයන් ඇතුලත්.
තම රටේ බදු දැලෙන් සඟවීමටත් තම කළු සල්ලි සුදු කිරීමටත් රටින් පිටත බදු පාරාදීසයන් ලෙස සැලකෙන බ්‍රිටිෂ් වර්ජින් /බහමාස් / පැනමා /සීෂෙල්ස් සැමෝවා ආදී රටවල ආයෝජනය කිරීම දීර්ඝ කාලයක සිට ඔවුන් සිදුකර ඇති බවයි අනාවරණ වන්නේ.
අනාවරණයට අනුව ඉන්දියානුවන් 714 දෙනකු මෙම ලයිස්තුවේ රැදී සිටිනවා.
ඒ අතරට ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු හා අමාත්‍යවරු දෙදනකුද ඇතුලත්.
ජර්මානු පුවත්පතක් වන Süddeutsche Zeitung විසින් මෙය මුලින්ම හෙළි කළ අ.ර අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය ඒ පිළිබද අනාවරණ කරමින් පවතිනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish