රංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොරෝනා වැළදෙයි

Sri Lanka

රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔහු සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් මේ බව අනාවරණ කළා.

ඊයේ සිදුකළ පී සී ආර් පරික්ෂණයෙන් තමන්ට වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති බවත්, තමා පසුගිය දිනවල කිසිදු කලා කටයුත්තකට දායක නොවූ බවත් ඔහු හෙළිකර තිබෙනවා.
ඉකුත් දින තුළ තමා ආ ගිය තැන් හමු වූ පුද්ගලයින් පිළිබඳව දැනුවත් කිරීමක් කර ඇති බවද ,සෞඛ්‍ය අංශ ද දැනුවත් කර තමා නිරෝධායන නීතිවලට අනුකූලව නිරෝධායනය වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ආදරණීයන් වෙත දැනුම් දෙමි, ඊයේ (28) උදයේ කල PCR පරීක්ෂණයකින් මා හට covid 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. වෛරසය ආසාදනය වූවායයි සිතන දින සිට මා කිසිදු කලා කටයුත්තකට සම්බන්ධ නොවූ අතර, එම කාලය තුල මා ගිය තැන් සහ හමුවූ පුද්ගලයන් හට මේ පිළිබඳව දැනුවත් කළ අතරම, අදාලා අංශ ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන්ගේ මග පෙන්වීම යටතේ නිරෝධායන නීතිවලට අනුකූලව මම නිරෝධායනය වෙමි.
බිමල් ජයකොඩි.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *